hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 11, ප.ව. 3:22



කොළඹ දිස්ත්‍රික්කයේ වායු ගුණාත්මක භාවය පහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ එම දර්ශකය දැක්වුණේ 172 ක් ලෙසයි.

එමෙන්ම කොළඹ නගරයේ දර්ශකය 157 ක් ලෙස දැක්වේ.

මහරගම, කිරිබත්ගොඩ, දඹුල්ල, බදුල්ල, මොණරාගල ආදී ප්‍රදේශවල ද වායු දර්ශක අගය 150 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර, ප්‍රචාරණය දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ නැහෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, නැහෙනහිර, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: