hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2025 ජනවාරි 22, පෙ.ව. 12:08



මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකම කසල බැහැර කරන කරදියාන කසල අංගනය තවදුරටත් කසල බැහැර කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දැනට මාස එකහමාරකට පමණ කාලයක් තිස්සේ මෙය තත්ත්වයෙන් පැවතුනු අතර වහා කඩිනම් ප්‍රතිසංස්කරණ කටයුත්තක් ඒ සඳහා කළ යුතුව ඇතත් ඊට මුදල් සපයා ගැනීමේ අර්බුදකාරී තත්වයකට බස්නාහිර පළාත් සභාව පත්ව තිබෙනවා.

ඒ ,අනුව මෙම තත්ත්වය මත කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයකම කසළ බැහැර කිරීමේ අවදානමක් ඉදිරි දිනවලදී මතුවිය හැකි බවත් ආරංචි මාර්ග පවසනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: