hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 22, පෙ.ව. 12:09



සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ අස්වැසුම ලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම, පශු සම්පත් අමාත්‍යාංශය හරහා කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් ගම් කුකුළු ගොවිපොළ ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

සමෘද්ධිය සඳහා රුපියල් බිලියන 60ක් වෙන් කර තිබුණ ද අස්වඇසුම සඳහා රුපියල් බිලියන 180ක් වෙන් කර තිබෙනවා.

පසුගිය සමයේ සිදුවූ ආර්ථික අර්බුදයෙන් වැඩි වශයෙන්ම දුෂ්කරතාවට ලක් වූ ජනතාව වෙත එම සහනාධාර ලබාදීම සිදුවනු ඇත.

කෙසේ වෙතත්, වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පැවසුවේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ජනතාව තවදුරටත් සවිබලගැන්වීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ මහා භාණ්ඩාගාරය එක්ව මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: