hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 19, ප.ව. 1:00



ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙත යවන ලද ලිපියක් සම්බන්ධයෙන් ඊයේ (18) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතුවලට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යවා ඇති බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට මග පෑදූ බවත් විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට අනාවරණය කළා.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, නොයෙකුත් අනතුරු ඇඟවීම් නොතකා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අඛණ්ඩ මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීම සිදු ව ඇති බවයි.

“මෙම මැදිහත්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට 2.4D වගන්තිය පිළිපැදීමට නොහැකි වූ අතර, එම වගන්තිය උල්ලංඝනය වීමට හේතු විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැරදි ලෙස උපුටා දක්වන ලද හෝ වරදවා වටහාගෙන ඇති සන්නිවේදනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්හිටුවීම සිදු වූවක් නොවන බව පැහැදිලියි.” යනුවෙන් සඳහන් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ, ICC වැනි ජාත්‍යන්තර ආයතන සමඟ අනුබද්ධ ක්‍රීඩා සංගම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සංකීර්ණතා බොහෝ දෙනෙකුට සම්පූර්ණයෙන් වටහා නොගත හැකි බවයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරන ඕනෑ ම අයෙකුට පදනම් විරහිත චෝදනා කිරීමට පෙර, කරුණු විමසිලිමත්ව සහ බුද්ධිමත්ව සලකා බලන ලෙස අපි අවංකවම ඉල්ලා සිටිමු”, යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනය හරහා වැඩිදුරටත් දන්වා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: