2026 ජූලි 20, පෙ.ව. 12:18
වර්තමානයේ රටේ කුමන ප්‍රදේශයකට ගියද 2029 වසරේ ඊළඟ නායකත්වය ලෙස නාමල් රාජපක්ෂ මහතාගේ නම කියැවෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන සංසදය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
නාමල් රාජපක්ෂ මහතාගේ නම මෙලෙස ඉදිරියට ගෙන ඒමට කැප වූයේ පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සහ කොට්ඨාස සංවිධායකවරුන් බව ද ඔහු මෙහිදී මතක් කර සිටියා.
පොරොන්දු කඩ කරමින් ජනතාව මුලා කළ වත්මන් පාලනය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටෙමින් පවතින බවත්, ඉදිරි දේශපාලන බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවතත් පෙරමුණට පැමිණෙමින් සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.
වැඩිදුරටත් අදහස දක්වමින් ඔහු කියා සිටියේ,
“අද රට වටේම කොහේ ගියත් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම කියවෙන තැනට ඇවිල්ලා. ඊළඟ නායකත්වය 2029 කියනකොටම නාමල් රාජපක්ෂ කියන නමත් ඇහෙන තැනට ගේන්න කටයුතු කළේ වෙන කවුරුවත් නෙවෙයි මේ පළාත් පාලනයේ ඉන්න, අපේ කොට්ඨාසවල ඉන්න අපේ සංවිධායකවරු. මේ ආණ්ඩුව කියපු ලොකුම බොරුව තමයි බොරු කියන්නේ නෑ කියපු එක. ඊටත් උඩින් තියෙනවා අපි හොරකම් කරන්නේ නෑ කිව්වා නේද මාලිමාව. ඔන්න ඔය දෙක තමයි ලොකුම බොරු දෙක. බොරු කියන්නේ නෑ කියපු එකයි, හොරකම් කරන්නේ නෑ කියපු එකයි.දැන් උඩ ඉඳන් යටටම දූෂණය. අනිත් පැත්තෙන් කියපු පොරොන්දු ටිකක් ගත්තොත් එකක්වත් ඉටුවෙලා නැහැ.මං ගාව ලැයිස්තුවක් තියෙනවා ඕනේ නම් කියවන්න පුළුවන්. 100කට වැඩිය තියෙනවා. ඒක හින්දා කියවන්න මම යන්නෑ. මොකද කියවන්න ගියොත් දවසම ගත්තාත් එච්චරට බොරු කියලා තියෙනවා.”
2026 ජූලි 21, පෙ.ව. 12:18
2026 ජූලි 21, පෙ.ව. 12:14
2026 ජූලි 21, පෙ.ව. 12:13
2026 ජූලි 21, පෙ.ව. 12:13
2026 ජූලි 21, පෙ.ව. 12:13
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26