hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2024 ජූනි 17, පෙ.ව. 9:08



ලබන 19 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව  ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

එහිදී රුපියල් මිලියන 230,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වෙනවා.

ඒ අනුව, දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ පළාත් පාලන ආයතනවල සේවය ස්ථර නොකරන ලද සියලු‍ සේවකයින් ස්ථීර කිරීමට පියවර ගත් බවයි.

ඉකුත් සිකුරාදා සිට අදාළ ස්ථිර කිරීම් සිදු කළ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඒ මහතා මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: