hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 12, පෙ.ව. 12:07



අද (12) රජයේ නිවාඩු දිනයක් වුව ද රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර තිබෙනවා.

ඒ බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළා.

ඒ අනුව අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

තව ද, ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුවට, මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු වසර ද මේ වසර වෙනවා.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ විදෙස් රටවල ඉන්න පිරිස් අපේ රටේ ඥාතීන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් පාර්සල් ලෙස ඒවා ඇති බවයි.

ඒ භාණ්ඩ නිසි වෙලාවට අදාළ තැනට යොමු කිරීම වගකීම වන බව ද ඒ මහතා පැවසුවා.

කෙසේ වෙතත්, ඒ අනුව තැපැල්පතිතුමාගේ උපදෙස් මත සියලුදෙනා 12 වෙනිදාත් සේවයට වාර්තා කිරීමට තීරණය කරඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: