hit counter

2024 මැයි මස 28 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 13, පෙ.ව. 8:37



රජය විසින් පසුගිය බ්‍රහස්පතින්දා අප්‍රේල් මස 15 වැනිදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින්.

කෙසේ වෙතත් එය බැංකු සහ වෙළඳ අංශවලටත් බලපානවා දැයි පැහැදිලිව සඳහන් කර නොමැත.

ඒ හේතුවෙන් බොහෝ පාර්ශව විවිධ අපහසුතාවලට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් විමසීමක් කළා.

එහි දී 15 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇති බවයි, එහි ලේකම්වරයා කියා සිටියේ.

මෙම නිවාඩුව ලබා දෙනවා ද නැද්ද යන්න බැංකු සහ වෙළඳ අංශ නියෝජනය කරන ආයතන තීරණය කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර ඇතැම් පෞද්ගලික ආයතන විසින් ද සිය සේවකයන්ට 15 වනදා නිවාඩු ලබා දීමට කටයුතු කර ඇති බවටයි අනාවරණ වූයේ.

කෙසේ වෙතත් බැංකු නිවාඩු සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: