hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 මැයි 25, පෙ.ව. 12:02



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර සහ නාවික ප්‍රජාවට වඩාත් සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.

අද (25) උදේ 5.30 වනවිට නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය ඊසාන දෙසට ගමන් කර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකිය.

පසුව එය තවදුරටත් එය උතුරු දෙසට ගමන් කරමින් අද රාත්‍රී 11.30 පමණ වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලත් ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් ඉතා තද පැ.කි.මී 60 – 70 අතර සුළං සහ තද වැසි ඇති විය හැකිය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුහුදු ප්‍රදේශ ද ඉතා රළු විය හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: