hit counter

2025 ජනවාරි මස 20 වන සඳුදා

2024 දෙසැම්‍බර් 13, පෙ.ව. 11:31



රටවිරු දූ දරු ශිෂ්‍යත්වය සදහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් මසදී ආරම්භ කළ අතර එම කාලය දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරනවා.

එමෙන්ම මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබද පාසල් මට්ටමින් විගමණික ශ්‍රි ලාංකිකයින්ගේ දරුවන් දැනුවත් කිරීමට විදුහල්පතිවරුන්ගේ අවධානය මේ සදහා යොමු කරන ලෙස ද කාර්යාංශය ඉල්ලා සිටිනවා.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව රැකියා සදහා විදේශගතව සිටින ලාංකික මව්පියන්ගේ දරුවන් වෙනුවෙන් වන අතර එම ශිෂ්‍යත්ව කාණ්ඩ තුනක් යටතේ පිරිනමනු ලබයි.

ඒ අනුව මුදලින් රුපියල් 25,000 ක් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ටත්, රුපියල් 30,000ක් සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ටත් හා රුපියල් 40,000 ක් උසස් පෙළ විභාගය සමත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සහ කාර්මික විද්‍යාල සදහා සුදුසුකම් ලබා ඇති දරුවන් හට පිරිනමනු ලබයි.

මේ සදහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) අයදුම් කළ හැකිය. සුදුසුකම් ඇති දරුවන් www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අයැදුම් කළ හැකි බව කාර්යාංශය පවසනවා.

මේ පිළිබද වැඩිදුර විස්තර 011 2365471 යන දුරකථන මාර්ගය ඔස්සේ දැනගත හැකි බවයි කාර්යාංශය සඳහන් කරන්නේ.   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: