hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2025 ජනවාරි 14, පෙ.ව. 12:08



14 වනදාට තෛපොංගල් උත්සවය යෙදී තිබෙනවා.

ඒ හේතුවෙන් බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී ඇත. 

එදිනට, හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබාදිය හැකිය.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නිතීරීතී අනුව අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන් තුළ සිදුකරනු ඇත.

ඒ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා සදහන් කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: