2024 ජනවාරි 22, පෙ.ව. 8:25
            
නාරම්මලදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ රොෂාන් කුමාරතිලක වෙනුවෙන් පොලීසියෙන් ලබා දුන් වන්දි මුදල පිළිබඳව පවුලේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
වෙඩි වැදීමෙන් මියගිය රොෂාන් කුමාරතිලකගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (21) එම නිවසට පැමිණි අවස්ථාවේ දී පොලීසියෙන් ලබාදුන් රුපියල් මිලියනයක වන්දිය පිළිබඳ මියගිය රොෂාන්ගේ බිරිඳ ද මෙලෙස සිය විරෝධය පළ කර තිබෙනවා.
‘මට ලක්ෂ 10යි දීලා ගියේ. ලක්ෂ10න් මම මොනවා කරන්නද? අපි ජීවත් වෙන හැටියට ලක්ෂ 10න් මාස දෙකක්වත් කන්න බොන්න බැහැ…. මගේ ඔලුව විකාර වෙලා තිබ්බ වෙලාවක ආවේ. පස්සේ හිතුවේ දෙයි හාමුදුරුවනේ මම මගේ මහත්තයාගේ ජීවිතේ සල්ලිවලට මිල කළානේ කියලා. මට තරහාම තියෙන්නෙ සල්ලිවලට මිල කරපු එක..එයාලා සාධාරණයක් කරනවා නම් ඒක ලිඛිතව දෙන්න ඔිනේ, ඔයාව ජීවිත කාලෙටම බලාගන්නවා, ළමයි බලාගන්නවා කියලා. ඇයි මට එහෙම කියන්නෙ නැත්තේ..???’
ඇය පවසා ඇත්තේ සිය සැමියා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවා නම් එය ලිඛිතව තමාට ලබා දිය යුතු බවයි.
සිය සැමියාගේ ජීවිතය මිල කළ නොහැකි බවත් සිය දරුවන් වෙනුවෙන් හෝ සාධාරණයක් ඉටු කරන ලෙසටද ඇය එහිදී ඉල්ලා සිට තිබෙනවා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට විරෝධය පළ කරමින් පිරිසක් ඊයේ (21) පෙරවරුව් නාරම්ල නගරයේදී විරෝධතාවක නිරත වුණා.
නාරම්මල, රන්මුතුගලදී ලොරි රථය පරීක්ෂා කළ පොලිස් නිලධාරියාගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තිදරු පියෙකු වූ 41 හැවිරිදි රොෂාන් කුමාරතිලක ට දිවි අහිමිවුයේ පසුගිය 18වනදාය.
රොෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කළා.
ඒ වෑත්තෑවකන්ද පොදු සුසාන භූමියේදීය.
                                                        2025 නොවැම්බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
23-10-25
                                            23-10-25
20-10-25
                                            20-10-25
13-10-25
                                            13-10-25
04-10-25
                                            04-10-25
17-09-25
                                            17-09-25
03-09-25
                                            03-09-25
24-08-25
                                            24-08-25
23-08-25
                                            23-08-25
23-08-25
                                            23-08-25
23-08-25
                                            23-08-25
22-08-25
                                            22-08-25
22-08-25
22-08-25