hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 16, පෙ.ව. 12:04



2024 වසරේ මේ වනවිට වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වනවිට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට වසංගත රෝග විද්‍යා අංශය අනුමාන කරයි.

පසුගිය වසරවලට සාපේක්ෂව 2024 වසරේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බවත්, මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවධානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය මාර්තු මාසය වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පසුගිය දා පැවසුවා.

ඩෙංගු වසංගතය පැතිර යාම අවම කිරීම සඳහා නිවෙස් අවට වට පිටාව පිරිසිදුව තබ ගන්නා ලෙසත්, මදුරු කීටයින් බොවන ස්ථාන විනාශ කරන ලෙසත් සෞඛ්‍ය අංශ විසින් ජනතාව වෙත දැනුම් දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: