2024 අගෝස්‍තු 29, පෙ.ව. 12:02
පසුගිය දින කීපය තුළ දිවයිනට ඇද හැළුණු අධික වැසි තත්ත්වය සමග ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (28) දින දක්වා දිවයිනේ ඩෙංගු රෝගීන් 36086ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
මෙම කාල සීමාව තුළ ඩෙංගු රෝගය වැළඳී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 17ක් බව එම ආයතනය විසින් තවදුරටත් දන්වා ඇත.
මේ වනවිට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම ප්‍රමාණය 14,884ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ රෝගීන් 8838ක් ලෙසින් වාර්තා වේ.
ඊට අමතරව උතුරු පළාතේ රෝගීන් 4676ක් ද මධ්‍යම පළාතේ රෝගීන් 3630ක් ද වයඹ පළාතේ රෝගීන් 2415ක් ද දකුණු පළාතේ රෝගීන් 2633ක් ද සබරගමු පළාතේ රෝගීන්
3713ක් ලෙස වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් තවදුරටත් ප්‍රකාශ කෙරේ.
2026 ජූනි 30, ප.ව. 1:15
2026 ජූනි 30, ප.ව. 1:01
2026 ජූනි 30, පෙ.ව. 11:15
2026 ජූනි 30, පෙ.ව. 9:56
2026 ජූනි 30, පෙ.ව. 12:17
30-06-26
30-06-26
30-06-26
30-06-26
28-06-26
28-06-26
26-06-26
26-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26