hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි 13, පෙ.ව. 12:03



පවතින වර්ෂා කාලගුණය හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකශ කරයි.

ඒ අනුව එම ඒකකය සඳහන් කරන්නේ, දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සහිත කලාප 42 ක් හඳුනාගෙන තිබෙන බවයි.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,465 ක් වාර්තා වී ඇති අතර මරණ 14ක් වාර්තා වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,930ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 4,465 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 1,572ක් වාර්තා වී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: