hit counter

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි 14, පෙ.ව. 12:09



දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කළේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මෙම වසරේ මැයි 11 දිනය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 27,754 ක් සහ මරණ 14 ක් වාර්තා වී ඇති බවයි.

විශේෂයෙන්ම මුළු රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල වැඩි රෝග ව්‍යාප්තියක් දක්නට ලැබේ.

මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ මදුරුවන් බෝවීම තවදුරටත් ඉහළ යා හැකි බැවින් පාසල්, ආගමික ස්ථාන සහ සේවා ස්ථාන අවට පිරිසිදුව තබා ගැනීමට ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: