hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2024 ජනවාරි 20, ප.ව. 2:43



සිවිල් ඇඳුමින් රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් පරීක්ෂා කිරීම් සඳහා වාහන නැවත්වීමට කටයුතු නොකරන ලෙසට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සියලුම පොලිස් ස්ථාන වෙත නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙම නව මාර්ගෝපදේශ ඊයේ දිනයේ සියලුම පොලිස් ස්ථාන වෙත බෙදා හැර ඇත.

නාරම්මල ප්‍රදේශයේ සිදු වූ ඛේදනීය සිදුවීමට ප්‍රතිචාර වශයෙන් මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

සිවිල් ඇඳුමින් සැරසී සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ලොරි රථයක් නැවැත්වීමේදී අණ නොතකා ධාවනය කළ බව කියන ලොරිරථ රියදුරාට වෙඩි තැබීමේ සිද්ධිය සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: