hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 1:04



බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ අපරාධකරුවන් සම්බන්ධ තොරතුරු සහිත දත්ත පද්ධතියක් පොලීසිය සතුව නොතිබීම හේතුවෙන් මෙරට අපරාධ ඉහළ යාමේ තත්ත්වයක් මතුව ඇති බවයි.

අවුරුදු 10ක කාලයක් ඇතුළත රටේ සිදු වූ සෑම සංවිධානාත්මක අපරාධයක්ම සහ ඒවාට සම්බන්ධ තැනැත්තන්ගේ සම්පූර්ණ ජීව දත්ත අඩංගු තොරතුරු පද්ධතියක් තිබිය යුතු බවත් ඒ මඟින් අපරාධකරුවන් සම්බන්ධව අවධානය දිය යුතු බවත් ඒ මහතා පවසනවා.

පොලීසිය සතුව මේ වන විට පවතින සීමිත දත්ත පද්ධතියේ අඩුපාඩු පවතින බවත් එවන් ගැටලු හේතුවෙන් අපරාධකරුවන් පොලිස් පරිපාලනයෙන් සැඟවී සිටින බවයි තෙන්නකෝන් මහතා පවසන්නේ.

තවදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටින්නේ ඉදිරි මාස 03 ඇතුළත අපරාධ මැඩලීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මහජන ආරක්ෂක ඇමතිවරයා සහ පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: