hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 19, පෙ.ව. 10:09



ආණ්ඩුව නිවැරදි මාවතේ ගෙන යා හැක්කේ එඩිතර විපක්ෂයකට පමණක් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

වර්තමාන ආණ්ඩුවට රට ගොඩනැඟීමට අවස්ථාව ලබා දීම සිය අරමුණ වන අතර ඔවුන්ගේ යෝජනාවලියේ ඇති රට බෙදන රටේ සංස්කෘතියට හානිකර වැඩකටයුතු සඳහා ඉඩදිය නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.

එහෙත් ඈලිමෑලි දුබල විපක්ෂයක් නම් ආණ්ඩුවට ඕනෑම දෙයක් කිරීමට ඉඩ දී නිහඬ වනු ඇති බවටත් දිලිත් ජයවීර අනතුරු අඟවයි.

ඊයේ (18) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: