hit counter

2024 මැයි මස 13 වන සඳුදා

2024 ජනවාරි 27, පෙ.ව. 12:03



රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මේ වනවිට මෙරටට පැමිණ ඇත්තේ දහතුන් දෙනකු (13) පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම, අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් පසුගිය 2023 වසර තුළදී විශේෂඥ වෛද්‍යවරුන් 170දෙනෙකු පමණ රට හැර ගොස් තිබෙනවා.

වෛද්‍යවරුන් විදෙස්ගත වීම මේ වන විට වේගවත් වී ඇති අතර මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බවටද වෛද්‍යවරු ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 වර්ෂයේ ජුනි මාසයෙන් අනතුරුව ගෙවුණු වසරක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 274ක් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් 850ක් සෞඛ්‍ය පද්ධතියෙන් ඉවත්ව විදෙස්ගත වී ඇති බවද වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: