hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 29, පෙ.ව. 7:32



පෝෂණය සම්බන්ධයෙන් රටේ දරුණු තත්ත්වයක් පවතින බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

බලයේ සිටින දේශපාලඥයින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න කතා නොකරන බවත් ඔවුන් බලය රැක ගැනීම සඳහා වැඩ කටයුතු සිදු කරන බවද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

වෛද්‍යවරයා මෙලෙස අදහස් පළ කළේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඒ වෛද්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියා,

“ඉතාමත් දරුණු තත්ත්වයක් රටේ තියෙනවා දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන්. මේ සියලු දේවල් වල විපාක හම්බ වෙන්න තව වසර ගණනාවක් යනවා. හැබැයි තවමත් මේ රටේ සැබෑ ප්‍රශ්නය නිෂ්පාදන ආර්ථිකයක් නැතිකම, අධ්‍යාපනයේ තියෙන කඩා වැටීම, දරුවන්ගේ අනාගතය ගැන පැහැදිලි දැක්මක් නැතිකම, රටේ ඖෂධ හිගය. ලෝකය ඉස්සරහ අපේ රට එන්න එන්නම පහළට මිනුම්දඩු වලින් මනින මේවට තවම උත්තර හම්බ වෙන ක්‍රමයක් පේන්න නැහැ. තවමත් දකින්නේ නැහැ අපි ජන්දය දීලා, බලය දීලා පාර්ලිමේන්තුවවට යවපු මන්ත්‍රීවරුන් දැන් ඇමතිකම් දරණ අය මන්ත්‍රීවරුන් රටේ නායකයෝ මේ මිනිස්සුගේ හැබෑ ප්‍රශ්න ගැන කතා කරනවද? ඔවුන් හැමවෙලාවෙම අපි දකින්නේ තීන්දු තීරණ ගන්නේ ඔවුන්ගේ බලය ආරක්ෂා කර ගන්න.”

කෙසේවෙතත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මිට රටේ ආහාර අර්බුධය දරුණු විය හැකි බව පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: