2025 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:13
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතියේ ඇති වූ බිඳ වැටීම නිසා වේරහැර ඇතුළු ප්‍රධාන කාර්යාලවල කටයුතු අද (01) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, පරිගණක පද්ධතියේ ඇති වූ බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික අංශ කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව වේරහැර ප්‍රධාන කාර්යාලය සහ මාර්ගගත (Online) දිස්ත්‍රික් කාර්යාල වන කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුරය, යාපනය, මොනරාගල, මහනුවර, ගාල්ල හා අම්පාර මගින් රියදුරු බලපත්‍ර මුද්‍රණය, නව රියදුරු බලපත් ඉල්ලුම් කිරීම, රියදුරු බලපත්‍ර අලුත්කිරීම ඇතුළු මාර්ගගත සේවාවන් සැපයීමට නොහැකි බව දැනුම්දෙනවා.
කෙසේ නමුත් වාහන ලියාපදිංචි කිරීම හා පැවරීම ආදි පද්ධතිවලට කිසිදු බලපෑමක් සිදුව නොමැති බැවින් එම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය,

2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:17
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26