hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 19, ප.ව. 1:12



රජයේ රෝහල්වල සුළු සේවකයන් රාජකාරි වේලාව තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් එය බරපතළ ගැටලුවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ (18) පැවැසුවා.

වෘත්තීය සමිති නායකයන් හා මත්ද්‍රව්‍ය අතර සහසම්බන්ධතාවක් පවතින බවත් තමා මීට පෙර ඒ සම්බන්ධයෙන් සඳහන් කරන ලද නමුත් ඔවුන් එයට විරෝධය පළ කළ බවත් හෙතෙම සඳහන් කළා.

එම හෙළිදරව් කිරීමෙන් අනතුරුව එක්තරා වෘත්තීය සමිති දෙකක් මෙලෙස විරෝධය පළ කිරීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළා.

වෘත්තීය සමිතිවල විරෝධතාවල නිරත වන ඉදිරි පෙළේ සාමාජිකයන් රෝහල්වල මත්ද්‍රව්‍ය භාවිත කරන අය ලෙස වාර්තාවන බවත් ඒ සඳහා සාක්ෂිද මේ වන විට පවතින බවත් ඔහු පැවැසුවා.

මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දෛනිකව සේවකයන්ට විශාල මුදලක් අවශ්‍ය වන බවත් එම මුදල් සොයා ගැනීමට රෝගීන්ගේ බඩු බාහිරාදිය සොරකම් කිරීමට රෝහල් සේවකයන් පුරුදු වී සිටින බවත් ඔහු සඳහන් කර සිටියා.

මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට හා අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දෙන බව ද ඔහු වැඩිදුරටත් පැවැසුවා.