hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 මාර්තු 15, පෙ.ව. 8:11



රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක්, ජපානයේ ෆුකුෂිමා හිදී සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන පරිදි භූ කම්පනය සිදුවී ඇත්තේ ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 50ක් අභ්‍යන්තරයෙන්.

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම ඒජන්සිය වැඩිදුරටත් පවසයි.

සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ .

මේ අතර, ඉන්දියාවේ, චෙන්නායි නගරයට ආශ්‍රිතව තවත් සුළු භූ චලනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකාංග 3.9ක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ආන්ද්‍රා ප්‍රාන්තයේ තිරුප්පති සිට කිලෝමීටර් 58ක් නැගෙනහිර දෙසින් සහ භූමියේ සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් එහි මධ්‍ය ලක්ෂය පිහිටා තිබූ බවයි සඳහන් වන්නේ.

ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එම භූ චලනයේ බලපෑම ආන්ද්‍රා සහ තමිල්නාඩු ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට දැනී තිබූ බවයි.

ඉන් සිදු වූ හානි පිළිබඳව ද මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: