hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:02



ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් කතිරය ලකුණ සහ මනාප ප්‍රකාශ කරන්නේ නම් එක,  දෙක සහ තුන ලෙස අංක සටහන් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පවසනවා.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුවත් කිරීමක් සිදුකළා.

කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති ඡන්ද පත්‍රිකා මෙන්ම, එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි ගණනකට කතිර ලකුණකින් ඡන්දය සලකුණු කර ඇති අවස්ථාවලදී එම ඡන්ද පත්‍රිකාද ප්‍රතික්ෂේප වන බව ඔහු මෙහිදී පැහැදිලි කළා.

ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නේ, එක් අපේක්ෂකයෙකුට 1 ඉලක්කමත් තවත් අපේක්ෂකයෙකුට කතිර සලකුනක් යොදා ඇති අවස්ථාවලදීද එම ඡන්දය ප්‍රතික්ෂේප වන බවයි.

තවද, දෙවෙනි සහ තුන්වන මනාප පමණක් සලකුණු කර ඡන්දය සලකුණු කර නොමැති ඡන්ද පත්‍රිකාද අවලංගු වන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම, ඡන්ද දායකයාගේ නම අනාවරණය ආකාරයේ සටහනක් හෝ කිසියම් දෙයක් ඡන්ද පත්‍රිකාවේ ලියා ඇතිනම් අදාළ ඡන්ද පත්‍රිකාද ප්‍රතික්ෂේප වන බව  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දුන්නා.

2024 ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙනවා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද (04), හෙට (05) සහ අනිද්දා (06) දිනයන්හිදී සිදු කෙරෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: