hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 09, පෙ.ව. 12:02



2022 / 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික අපහසුතා සහිත සිසුන් 6000ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ කටයුතු අවසන් කර තිබෙනවා.

ඒ අනුව මාර්තු සහ අප්‍රේල් මාසවල ගෙවිය යුතු හිඟ මුදල් ද සහිතව මැයි මාසයේ සිට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදල දැනුම් දී ඇත. 

මේ වසරේ මාර්තු මාසයේ සිට තෝරාගත් සෑම ශිෂ්‍යත්ව ලාභියෙකුටම මාස 24ක් පුරා රුපියල් 6000ක මුදලක් බැගින් මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමට නියමිතයි.

තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවිය වන www.presidentsfund.gov.lk හි ප්‍රදර්ශනය කිරීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: