hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 18, පෙ.ව. 8:10

එළඹෙන 2023 (2024) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

මේ අනුව,විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, ලබන මැයි මස 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර සියලු පාසල්වලට ඊයේ (17) වන විට යවා අවසන් කළ බවයි.

පෞද්ගලික විභාග අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍රද 20 වැනිදා වන විට තැපැල් කර අවසන් කරන බව හෙතෙම කියා සිටියා.

යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර සම්බන්ධව ගැටලුවක් ඇත්නම් ඒවා නිරාකරණය කර ගැනීමට 22 වැනිදා සිට 29 වැනිදා දක්වා ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙන අතර, විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් එම සේවාව ලබාගත හැකියි.

මෙම ගැටලු විසඳා ගැනීමේ කාල සීමාවෙන් පසුව අමතර තවත් කාලයක් අපේක්ෂකයන්ට ලබාදීමට අපහසු වනු ඇති බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සහ විභාගයට අදාළ මූලික කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ද ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග 2023 (2024) 2024 මැයි 06 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: