hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 23, ප.ව. 5:19



2023 / 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අවශ්‍ය විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට හැකි බවත් පෞද්ගලික අයදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශ පත්‍ර යොමු කිරීමට පියවර ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි (06) වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර මැයි (15) වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගය සදහා මෙවර අපේක්ෂකයන් හාර ලක්ෂ පනස් දෙදහස් නමසිය හැත්තෑ නමයක් පෙනි සිටීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: