hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:04



සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා තවදුරටත් කියා සිටියේ, එළබෙන 2025 වසරේ සිට කිසිඳු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි.

තවදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා,

“ලබන වසරේ පාසල් වාරය ආරම්භ වෙනවා ජනවාරි 02වැනිදා. නමුත් තුන්වැනි වාරයේ සති දෙකක් පාසල් පවත්වන්න වෙනවා දිග ගණන ආවරණය කරන්න. 2025 ජනවාරි 20 පළමු පාසල් වාරයේ පළමු දිනය ආරම්භ වෙනවා. ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත්, සියල්ල සූදානම් බවට සහතියක් ලබාදෙන්න පුළුවන්.

විභාග සියල්ලම කල් ගිහිල්ලා තිබුණා. මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය හෙට පවත්වනවා. ඒ වගේම පහුවෙලා තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊළඟ සති දෙක තුළ ලැබෙනවා. මාස ගණන්, අවුරුදු ගනන් කල්ගිය උසස්පෙළ විභාගය මේ අවුරුද්දේම නොවැම්බර් 25 තියන්න කාලසටහන් යවලා කටයුතු කරලා තිබෙනවා. 2025දී කිසිම පසුවීමක් නැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන එකට ක්‍රියාත්මක වෙනවා”.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: