hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 01, ප.ව. 12:03



මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂිකාවකට විභාග ශාලා නිරීක්ෂකවරයෙක් විසින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු කියා දෙන මුවාවෙන් අපයෝජනය කිරීමකට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් චූදිත විභාග ශාලා නිරීක්ෂකවරයාගේ සේවය අත්හිටු වීමට කටයුතු කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසනවා.

මේ අතර අදාළ සිද්ධිය වසන් කිරීමට උත්සහ කිරීමේ වරදට එරෙහිව, ඒ මොහොතේ විභාග ශාලාවේ ශාලාධිපතිවරයා ලෙස සේවය කළ තැනැත්තාට ද එරෙහිව විමර්ෂණයක් ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කරනවා.

අනුරාධපුරය – හිදෝගම, කලුවිල සේන විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටි සිසුවියකයි මෙලෙස චූදිත විභාග ශාලා නිරීක්ෂකවරයා විසින් අපයෝජනය කර ඇත්තේ.

පසුගිය 25වන දින ඉතිහාසය විෂයට අදාල විභාගය පැවැත්වෙන අතරතුරත්, ඉන් පසු විවේක කාලයේ දීත් අදාළ විභාග ශාලා නිරීක්ෂකවරයා විසින් සිසුවිය අපයෝජනය කළ බව ඇය සිය දෙමාපියන් සමග හිදෝගම පොලීසියට පැමිණි කර තිබෙනවා.