2023 ඔක්‍තෝබර් 15, ප.ව. 9:25
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා පවසන්නේ, ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්ගිය දකුණු පළාතේ පාසල් වල දෙවන වාර පරීක්ෂණය හෙට (16) ආරම්භ කෙරෙන බවයි.
ඔහු සඳහන් කළේ තවදුරටත් ගංවතුර බැස නොගිය ප්‍රදේශවලට අයත් පාසල් වල පමණක් වාර පරීක්ෂණය එම තත්ත්වය පහව ගිය පසු පවත්වන බවය.
එමෙන්ම, හෙට (16) දිනයේ, පවතින අධික වර්ෂාපනයත් සමග හල්දුම්මුල්ල, කොස්ලන්ද ප්‍රදේශයේ මතුව ඇති නායයෑමේ අවදානම් තත්ත්වය හේතුවෙන් මකල්දෙණිය දෙමළ ප්‍රාථමික විද්‍යාලය සහ මිරියබැද්ද දෙමළ ප්‍රාථමික විද්‍යාලය යන පාසල් දෙක වසා තැබිමට පියවර ගෙන තිබෙනවා.
එම පාසල් වසා තැබුවද එහි ඉගෙනුම ලබන සිසුන් පිරිස අඩු පිරිසක් බැවින් ආසන්නයේ පිහිටි වෙනත් පාසල්වලට ඔවුන් යොමු කිරීමට හෝ රැඳවුම් මාධ්‍යස්ථානවලම පවතින පහසුකම් යටතේ ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි, හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ නිලානි ධම්මිකා මහත්මිය පැවසුවේ.
එම ප්‍රදේශයේම පිහිටි ආර්නෝල්ඩ් දමිල විද්‍යාලය ද අනාරක්ෂිත බවකින් යුක්ත බැවින් එහි අධ්‍යාපන කටයුතු සිදුකළ හැකිද යන්න පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි විදුහල්පතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ.
2026 ජනවාරි 19, පෙ.ව. 12:30
2026 ජනවාරි 19, පෙ.ව. 12:20
2026 ජනවාරි 19, පෙ.ව. 12:15
2026 ජනවාරි 19, පෙ.ව. 12:13
2026 ජනවාරි 19, පෙ.ව. 12:11
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26