hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 28, පෙ.ව. 12:08



අවුරුදු උත්සව සමයේ ආහාර සකස් කර ගැනීමට ලබාදෙන අමුද්‍රව්‍ය, උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කරන ආහාර හා පලතුරු වර්ග පරීක්ෂා කිරීම ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බවත් සිදුකළ වැටලීම්වලදී සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවද එහි සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

තවද උත්සව සමය වෙනුවෙන් ආහාර නිෂ්පාදන ආයතනවල ආහාර සකස් කරන පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්යය කර ඇති බවද එහි සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

සභාපති උපුල් රෝහණ තවදුරටත් සදහන් කළේ,

” උත්සව සමය වෙනුවෙන් ආහාර මිලදී ගන්න එන අවස්ථාවලදී ඔවුන්ට ආහාර සකස් කර ගැනීමට ලබාදෙන අමුද්‍රව්‍ය ඒ වගේම උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කරන ආහාර හා පලතුරු වර්ග වගේ දේවල් අපි ඉදිරියේ දී පරීක්ෂා කරනවා. අපි මේ වෙද්දි උත්සව සමය වෙනුවෙන් නිෂ්පාදනය කළ ආහාර වර්ග විශාල සංඛ්‍යාවක් රස පරීක්ෂකවරුන්ට යොමු කරන්න කටයුතු කරලා තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: