hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 29, පෙ.ව. 12:10



පාසල් දරුවකුගේ ආහාර වේලක් වෙනුවෙන් දැනට ගෙවන රුපියල් 85ක මුදල රුපියල් 115 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

අමාත්‍යාංශය මෙම පියවර ගනිමින් සිටින්නේ දැනට ගෙවන මුදල අනුව තවදුරටත් දිවා ආහාරය සැපයීමට නොහැකි බව සැපයුම්කරුවන් කළ දැනුම් දීම අනුවයි.

මෙම මුදල වැඩි කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් ද සහභාගි වූ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එක් ආහාර වේලක් වෙනුවෙන් රුපියල් එකසිය පහළොවක් දීම ප්‍රමාණවත් බව එම සාකච්ඡාවේදී සඳහන් වී තිබෙන අතර දැනට වෙළෙඳපොළේ සහල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් යළිත් සලකා බලා ලබන සතියේදී අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට සිසුහු දස ලක්ෂයක් දිවා ආහාර වැඩසටහනේ ප්‍රතිලාභ භුක්ති විඳිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: