hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 29, පෙ.ව. 12:07



ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා කාලයත් සමඟ භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු වනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මේ බව සිය X ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුණා.

විශේෂයෙන්ම ආර්ථිකය ස්ථාවර වී ඇති බවත් මෙමගින් උද්ධමනයේ පවතින පීඩනය සමනය කිරීමට හැකි බවත් එහි දැක්වෙනවා.

එමෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය හඳුනා ගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීමට ගත් ක්‍රියාමාර්ග මේ වන විට සාර්ථක වී ඇති අතර රජය මේ වන විට නව මාවතකට ආර්ථිකය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක යෙදෙමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: