hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 30, පෙ.ව. 12:03



ඉදිරියේදී රුසියාවට යාමට අපේක්ෂා කරන ආරක්ෂක අංශවල හිටපු සාමාජිකයින්ට වීසා නිකුත් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියෙන් පසුව පමණක් බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මේ අතර අමාත්‍යවරයා මේ බව කොළඹදී රුසියානු තානාපති Levon S. Dzhagaryan මහතා හමුවීමෙන් අනතුරුවද ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ද රුසියාව බලාපිටත්වීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: