hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ජූලි 28, ප.ව. 6:30



දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ ඩීසල් ලීටර් 1500ක් පිරවූ බැරල් 15ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දක්ෂිණ අධිවේගී අන්තර් හුවමාරු පොලිස් ඒකකයේ හම්බන්තොට මාගම්පුර පිවසුමේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

අද (28) අලුයම 3.30 පමණ සැක කටයුතු මෙම ලොරි රථය පරික්ෂා කිරීමේදී තහවුරු වී ඇත්තේ සුරතල් මසුන් ප්‍රවාහනය කරන මුවාවෙන් මේ ආකාරයෙන් ඩීසල් ප්‍රවාහනය කරන බවයි එමෙන්ම ඩිසල් පිරවූ බැරල් නොපෙනෙන ලෙස සුරතල් මසුන් ඇසුරුම් කීපයක්ද යොදා තිබෙන ආකාරය පොලිසියට නිරීක්ෂණය වී තිබෙන්නේ.

අදාළ ඩීසල් තොගය හම්බන්තොට සිට මිගමුව දක්වා ප්‍රවාහනය කර තිබෙන බවත් අදාල සැකකරුවන් කොච්චිකඩේ හා නාරම්මල පදිංචිකරුවන් බවත් තහවුරු වී ඇති අතර අදාල ඩීසල් තොගය හම්බන්තොට වාරයේ ධිවර යාත්‍රාවලට ලබා දෙන ඉන්ධන තොග බවට සැක පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි පොලිසිය කියා සිටියේ.

අදාළ ඩිසල් තොගය සැකකරුවන් හා ලොරි රථය හම්බන්තොට අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හම්බන්තොට – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි