hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:37



මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් රට පුරා කර්මාන්ත ශාලා සහ සමාගම් වෙත ඩීසල් බෙදාහැරීම නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන දැනුම් දීම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ඉන්දීය ඔයිල් සමාගමට ලිඛිතව යොමු කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් සයිනොපෙක් සමාගමට එවැනි දැනුම් දීමක් පෙරේදා වන තුරුත් සිදු කර නැතැයි ඛනිජතෙල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඉකුත් සමයේ ඇතිවූ ඉන්ධන හිඟයත් සමඟ ඉන්ධන බෙදාහැරීමේදී හඳුන්වා දුන් කිව් ආර් ක්‍රමය නව මුහුණුවරක් යටතේ නැවත ඇති කිරීමටද රජයේ අවධානය යොමුවී ඇත.

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් ජනතාව පීඩාවට පත් නොවන අයුරින් ඉන්ධන බෙදාහැරීම සඳහා නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම රජයේ අරමුණ වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: