hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 26, ප.ව. 12:33



ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිකරමින් තවත් විදේශීය සමාගමක් මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාවේ “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමයි.

එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වනදා අත්සන් කර තිබෙනවා.

දැනට මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් එම සමාගම ට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ඔවුන් විසින් ස්ථාපනය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා ඔවුන් විසින් “යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්” නමින් සමාගමක් ලියාපදිංචි කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: