hit counter

2026 සැප්‍තැම්‍බර් මස 28 වන සඳුදා

2024 මාර්තු 31, පෙ.ව. 12:03



දැනට ක්‍රියාත්මක මිල සූත්‍රය යටතේ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව පවතින ලෝක බොර තෙල් මිල සහ ලෝක ආර්ථික තත්වය සැලකීමේදී මෙරට ඉන්ධන මිල අඩු වීමට වඩාත් හැකියාවක් ඇති බව ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කරයි.

රටේ ආර්ථික තත්ත්වය සහ එළඹෙන උත්සව සමය සැළකිල්ලට ගෙන අප්‍රේල් මස ඉන්ධන මිල ගණන් අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයට අදාළව තෙල් මිල සංශෝධනය පෙබරවාරි (29) මධ්‍යම රාත්‍රීයේ සිදුකිරීමට නියමිතව තිබුනද රජය තෙල් මිළ සංශෝධනය මාර්තු මස පළමු සතියේ සිදු කිරීමට පියවර ගෙන තිබුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: