hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 02, ප.ව. 1:04



පෙට්‍රල් සහ ඩීසල් අඩංගු නෞකා 3ක් ඉදිරියේදී මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා IOC සමාගම පවසනවා.

ඒ අනුව එක් නෞකාවක් ජුලි 13 සිට 15 දක්වා අතරතුර මෙරටට ළඟාවීමට නියමිත බවයි එම සමාගම ප්‍රකාශ කරන්නේ.

තවත් ඉන්ධන නෞකාවක් ජුලි 29 සිට 31 දක්වා කාලය අතරතුර දිවයිනට ළඟාවීමට නියමිත අතර තෙවනි ඉන්ධන නෞකාව අගෝස්තු 10 සිට 15 දක්වා කාලය අතරතුර දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා යුද හමුදා කඳවුරු මැදිහත් වීම යටතේ ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේ දී රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: