hit counter

2025 අගෝස්‍තු මස 23 වන සෙනසුරාදා

2024 නොවැම්‍බර් 20, පෙ.ව. 12:02



අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්ව තමන් ඉන්ද්‍රජාලිකයෙකු නොවෙමියි ප්‍රකාශ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්ද්‍රජාලිකයා යනු කළ නොහැකි දේවල් කොට පෙන්වන පුද්ගලයා බවයි.

වර්තමාන ජනාධිපතිවරයා උතුර දකුණ නැගෙනහිර බටහිර සහ කඳුකරය එකම පක්ෂයක් යටතේ ජයග්‍රහණය කොට පෙන්වා ඇති බවත් ප්‍රථම වතාවට ජනාධිපතිවරණයට වඩා මහා මැතිවරණයට ඡන්ද ලබා ගෙන පෙන්වා ඇති බවත් ඒ අනුව ඔහු ඉන්ද්‍රජාලිකයෙකු බවත් උදය ගම්මන්පිල සඳහන් කරයි.

අද (19) පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: