hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 14, පෙ.ව. 11:06



පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක කාන්තාවක් සහ වයස අවුරුදු 29ක පිරිමි පුද්ගලයෙක්.

ඔවුන් නිත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කර ඇති අතර විවාහ උත්සවය ද එළඹෙන වසරේ සිදුකිරීමට නියමිතව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනාම උපාධිධාරීන් වීම විශේෂත්වයක්.

මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තමන් මෙලෙස අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කළ බව ඔවුන් පොලීසියට පවසා තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉන් මාසයකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයා ඇති බවය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එහිදී අදාළ රූගත කිරීම් සඳහා යොදාගත් බව කියන පාසල් නිල ඇඳුම්, ටයි ඇතුළු දේවල් ද පොලීසිය සොයාගෙන ඇත.

කලක් තිස්සේ මෙලෙස මෙම ජාවාරම සිදුකර ඇති සැකකාරිය සහ සැකකරු විසින් සකස් කර ඇති අන්තර්ජාල ගිණුමේ පරිශීලකයින් 4,400ක් පමණ සිටින අතර ඔවුන්ගේ වීඩියෝ නැරඹුම් වාර මිලියන 8.7ක් පමණ ඇති බවද අනාවරණය වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: