hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 05, පෙ.ව. 10:07



මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට එක් කරන බව පවසමින් කප්පම් මුදල් ඉල්ලූ බව කියන ඇයගේ හිටපු පෙම්වතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම සැකකරු දැනට විදෙස් ගතව සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

මෙම රංගන ශිල්පිනිය හා සැකකරු අතර වසර හතරක පමණ කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත් පසුව එම සබදතාවය බිද වැටීම මත ඔහු ඇගෙන් පළිගැනීම සඳහා නිරුවත් පින්තූර සමාජ ජාල වලට යොමු කරන බව පවසා තර්ජනය කරමින් මුදල් ඉල්ලන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ.

තම නිරුවත් පින්තූර අන්තර්ජාලයට එක් කරාවි යැයි බියෙන් අවස්ථා කිහිපයකදී මුදල් බැංකු ගිණුම් වලට යොමු කර ඇති බවද ඇය සදහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: