hit counter

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 08, පෙ.ව. 10:26



මෙලෙස සැක කටයුතු ආකාරයෙන් මියගොස් තිබුණේ මාලිගාවත්ත ලක් සෙවන මහල් නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටි මොහොමඩ් රිෆ්කාන් හායිසා නැමති අවුරුදු 4 මාස 7 ක් වයසැති දියණියක්.

ඇගේ පියා විසින් පුද්ගලික ගිවිසුමක් හරහා වෙනත් ඥාතිවරියකට පුංචි හයිසා ලබා දී තිබූ බව වාර්තා වන අතර හායිසා සැක කටයුතු ලෙස මියයාම හේතුවෙන් එම ඥාතිවරියගේ සැමියා ඇතුළු සිව් දෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පැවසීය.

ප්‍රධාන සැකකරු වන (හායිසා දැරියගේ පියා) අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු පහට අඩු දරුවකු ගිවිසුමක් හරහා වෙනත් පාර්ශවයකට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙනි.

අත්අඩංගුවට පත්වූ අනෙකුත් පිරිස අතර දැරිය හදා වඩා ගැනීමට භාරගත් 45 හැවිරිදි කාන්තාවක් ඇයගේ 19 හැවිරිදි දියණිය සහ 15 හැවිරිදි පුතාද වන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව මාලිගාවත්‍ත පොලීසිය වැඩිදුරටත් විමර්ශන මෙහෙයවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: