hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 12, පෙ.ව. 1:07



අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (11) කොටුව පොලීසියට නියෝග කළා.

මෙම මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී හමු වූ අතර, එය අල්ලසක් ලෙස හෝ වෙනත් කාරණයක් සදහා ලැබී තිබුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීම සදහා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට කොටුව පොලීසියට නියෝගක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා.

එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ පිහිටි නිවසේ නොමැති බවට පොලීසිය සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා ඔහු සිටින නිවසට ගොස් අදාළ ප්‍රකාශයක් ලබාගන්නා ලෙස පොලීසියට නියෝග කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: