hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 16, පෙ.ව. 2:28



සියලුම රජයේ සේවකයන්ට පඩි රහිත නිවාඩු ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 13 වනදා චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 (111) යන චක්‍රලේඛය අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට හෝ මෙරට රැඳී සිටීමට අවස්ථාව උදා වෙනවා.

අදාළ නිවාඩු ලබා ගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට බාධාවක් ඇති නොවන බව ද එහි සඳහන් වෙයි. ඉකුත් 10 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා වූ කැබිනට් එකඟතාවය ලබාගෙන ඇති බව අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව 2023.07.10 දින තෙක් වැටුප් රහිත දේශීය/ විදේශීය නිවාඩු අනුමැතිය ලබාගත් නිලධරයන්ට අගතියක් නොවන පරිදි 2022.06.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022හි 4 ඡේදයේ ‘ඒ’ වගන්තිය හා 2022.09.15 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(»») හි 4.10 වගන්තිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබෙනවා.

උක්ත චක්‍රලේඛ විධිවිධාන අනුව 2023.07.11 දින සිට දේශීය/ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාගත් නිලධරයකු එම නිවාඩු කාලය අවසන්ව නැවත සේවයට වාර්තා කළ පසු නිලධරයාගේ ජ්‍යෙෂ්ඨතාව නිලධරයා උක්ත චක්‍රලේඛ අනුව දේශීය/ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට පෙර දින පැවැති ජ්‍යෙෂ්ඨතාව වෙනවා.

මෙම චක්‍රලේඛ උපදෙස් පළාත් රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වන ක්‍රියාමාර්ග ආණ්ඩුකාරවරුන්ගේ උපදෙස් හා අනුමැතිය මත පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින් හඳුන්වා දෙනු ඇති.

රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායන්හි නිලධරයන්ට මෙම විධිවිධාන අදාළ කර ගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත්කරනු ඇති.

එම විධිවිධාන යටතේ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාගන්නා නිලධරයන් මේ සමඟ ඇමුණුම 01 ලෙස දක්වා ඇති ගිවිසුමට නිවාඩු අනුමත කරන බලධරයා සමඟ එළඹිය යුතුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: