2023 ජූනි 22, පෙ.ව. 9:57
දීප ව්‍යාප්ත සේවාවන්වල, තනතුරුවල පුරප්පාඩු පවතින බැවින් අමාත්‍යාංශ, පළාත් සභා, කොමිෂන් සභා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දැනට සේවය කරන එම නිලධාරීන්ගේ යාවත්කාලීන තොරතුරු ලබාදෙන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන) පී.ඩබ්ලිව්. රාජපක්ෂ අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලු ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, සියලු ම කොමිෂන් සභා ලේකම්වරුන්, සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ බව ලිඛිතව දැනුම් දී තිබෙනවා.
මාණ්ඩලික නිලධාරීන් ස්ථානගත කිරීම, ස්ථානමාරු ලබා දීම හා බඳවා ගැනීම යන ක්‍රියාවලීන් වඩාත් ප්‍රශස්ත ආකාරයෙන් කිරීම සඳහා මෙම තොරතුරු අවශ්‍ය බවට එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව දීපව්‍යාප්ත සේවාවන්වල තනතුරුවල සේවය කරන නිලධාරීන්ගේ තොරතුරු ජූලි 30ට පෙර ලබාදෙන ලෙසද එමගින් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
අමාත්‍යාංශ විෂය පථය යටතේ ඇති දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු නිලධරයන්ගේ තොරතුරු අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යොමු කරනු ලැබිය යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:13
2026 මැයි 01, පෙ.ව. 12:12
2026 මැයි 01, පෙ.ව. 12:11
26-04-26
26-04-26
04-04-26
04-04-26
09-03-26
09-03-26
05-03-26
05-03-26
20-12-25
20-12-25
03-12-25
03-12-25
24-11-25
24-11-25
12-11-25
12-11-25
31-10-25
31-10-25
28-10-25
28-10-25
12-10-25
12-10-25
07-10-25
07-10-25