hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 19, පෙ.ව. 12:02



බොහෝ රාජ්‍ය ආයතනවල දුරකතන, ෆැක්ස් යන්ත්‍ර සහ වෙබ් අඩවි අක්‍රිය වී තිබීමෙන් එම ආයතන සමග මහ ජනතාවට සම්බන්ධවීමට තිබෙන අවස්ථාව බිඳ වැටී ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ රාජ්‍ය සේවයේ කාර්යභාරය අවබෝධ කර නොගත් හිතාමතාම රාජ්‍ය සේවයේ වගකීම් පැහැරහැරි නිලධාරීන් මීට සම්බන්ධ බවයි.

ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මේ බව සඳහන් කළා.

රාජ්‍ය සේවය තුළ විනයගරුක පැසසුමකට ලක්වන නිලධාරීන්ට සාපේක්ෂව වැඩි පිරිසක් සිටින්නේ ලිස්සා යමින්, බෝල පාස් කරන පුද්ගලයන් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ නිසා මහ ජනතාවගෙන් ලැබෙන යෝජනා, චෝදනා, දුක් ගැනවිලි, පෞද්ගලික හෝ පොදු ප්‍රශ්නවලට කඩිනමින් පිළිතුරු යවන ලෙසට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලු ම නිලධාරීන්ට නියෝගයක් ලබාදුන් බවද අමාත්‍යවරයා පවසා සිටියා.

රාජ්‍ය ආයතනයකට ලිපි, ෆැක්ස්, ඊමේල් හෝ දුරකථනය මඟින් පණිවුඩයක් ලැබුණු විට අඩුම තරමින් එම ඉල්ලීම කළ හැකිද නොහැකි ද යන්නත්, ලිපියක් ලැබුණු බව ආදිය  දැනුම් දිය යුතුව ඇති බවද අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී අවධාරණය කළා.

දුරකතන දීමනාව ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථනයට ලැබෙන මහජන ඇමැතුම්වලට අනිවාර්යයෙන් පිළිතුරු ලබා දිය යුතු බවත් අනෙකුත් පහසුකම්වලට දීමනා ලබාගන්නා සියලුදෙනා එම පහසුකම් පෙරලා ජනතාවට ලබාදිය යුතු බව අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නා.

අද රටේ දත්ත පද්ධතිය විකෘති වී තිබෙන බවත්, මෙය නිවැරදි කිරීමට උත්සහ කරන විට පළමුවෙන් ම නිලධාරීන් දීමනා මොනවා දැයි ඉල්ලන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: