hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 26, පෙ.ව. 12:06



සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවිමෙන් අනතුරුව, අප්‍රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවිමට සුදානම් බවත් අයවැය යෝජනාවල සදහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊයේ (25) දහවල් රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ, අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝ 10 බැගින් අප්‍රේල් මාසයේදීත්, තවත් සහල් කිලෝ 10ක් මැයි මාසයේදීත් ලබාදීමට කටයුතු කරන බවයි.

අඩු ආදායම්ලාභින්ට සහනයක් ලෙසත්, ගොවීන්ට වී සඳහා ලබාදෙන මුදල ඉහළ නැංවීමට මග පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන මෙම වැඩ පිළිවෙළ අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10ක ප්‍රමාණය එම මස 10 වැනි දිනට පෙර ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ.

එමෙන්ම විශ්‍රාමිකයින් සඳහා වැඩිකළ රු. 2,500ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බව ද අමාත්‍යවරයා එහි දී පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: