hit counter

2024 ජූනි මස 20 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 29, ප.ව. 2:26



ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඒ, සඳහා පසුගිය 03 වනදා රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ද ලැබුණු බවයි.

ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන මාණ්ඩලික නිලධාරී තනතුරු සඳහා මෙම මාසික දිරි දීමනාව ලබාදීමට තීරණය කර ඇත.

ඒ, අනුව ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000ක මුදලක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක මාසික දිරි දීමනාවක් හිමිවනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම මාසික දිරි දීමනාව මාර්තු මාසයේ සිට මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට තීරණය කර තිබෙනවා.






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: